Get Mystery Box with random crypto!

මේ වෙනකොට කලින් වතාවේ රසායනය විද්‍යාවට F හෝ S සාමාර්ථ තියෙන මේ | 2021 eChem.lk | General Revision

මේ වෙනකොට කලින් වතාවේ රසායනය විද්‍යාවට F හෝ S සාමාර්ථ තියෙන මේ වතාවේ A සාමාර්ථ ගත්ත ළමයි 22ක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. තවත් F,S,C A,B ප්‍රතිඵල සෑහෙන ප්‍රමාණයක් දැනට අපිව දැනුවත් කරලා තියෙනවා. ගණිත අංශයේ දිස්ත්‍රික් 2 වගේ ලොකුම මට්ටමේ ප්‍රතිඵල තිබුණත් ඊටත් වඩා මේ වගේ පොඩිම මට්ටමේ ඉඳන් නැගිටපු ළමයින්ගේ results දකිනකොට සතුට වැඩියි.

මේ වගේ ඉහළ ප්‍රතිඵල ගත්ත ළමයි සහ විශේෂයෙන්ම ප්‍රතිඵල වල ලොකු වෙනස්කම් කරපු ළමයින්ව විශේෂයෙන් ඇගයීමේ ත්‍යාග ප්‍රධානය කිරීමක් අපි ඉදිරියේදී කරනවා. ඒ අගය කිරීම ඒ අයට හිමිවිය යුතු යි.

අපේ පන්ති ආව, තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ තියෙන google form එක හරහා අපිට කියන්න. අපේ පන්ති ආව යාළුවන්ටත් මේ form එක යවන්න.

https://forms.gle/wLLHq1AkdAb8WJ1m6

කැමති ළමයින්ට පහළ number එකට call කරලා result එක කියන්න පුළුවන්. වෙලාව තියෙන හැම වෙලාවකම මම answer කරනවා. නැති වුණොත් අපේ වැඩ කරන කෙනෙක් කතාකරයි.

071 063 38 32

Chemistry | අමිල දසනායක