Get Mystery Box with random crypto!

2021 eChem.lk | General Revision

Telegram kanalining logotibi echem2021 — 2021 eChem.lk | General Revision 2
Telegram kanalining logotibi echem2021 — 2021 eChem.lk | General Revision
Kanal manzili: @echem2021
Toifalar: Taʼlim
Til: Oʻzbek tili
Obunachilar: 2.45K
Kanalning ta’rifi

මෙහෙයවීම-
අමිල දසනායක (MBBS undergraduate)
2017 උසස්පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ සිව්වෙනියා

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


Oxirgi xabar

2022-08-31 20:24:40
Rapid Revision Registration form එක දාලා පැය 12ක් වගේ යනකොට 2000කට වැඩි ප්‍රමාණයක් register වෙලා තිබුණා ළමයි. එහෙම ඉල්ලීමක් යටතේ 500ක් විතරක් බඳවා ගන්න එක ප්‍රායෝගික නෑ. ඒ නිසා පළවෙනි සති දෙකේ පන්තියට සම්බන්ධ වෙන හැම ළමයෙක්වම පන්තියට බඳවාගන්න අපි තීරණය කළා. එතනින් එහා අලුතින් ළමයි බඳවාගැනීමක් කරන්නේ නෑ. ඒ ප්‍රමාණයට ගැලපෙන්න ළමයින්ගේ වැඩ අධීක්ෂණය කරන්න අලුතින් echem team එකටත් instructorsලා බඳවාගන්නවා.

තවම Rapid Revision එකේ පන්ති ගාස්තු ගෙවීම් කරන්න එපා කිසිම ළමයෙක්. පළවෙනි සතිය සම්පූර්ණයෙන්ම ඕනම ළමයෙකුට නොමිලේ සහභාගී වෙලා බලන්න පුළුවන්. ඒ අනුව පන්තිය ක්‍රියාත්මක වෙන විදිහ සම්බන්ධව තියෙන සියළු ගැටලු නිරාකරණය කරගෙන දෙවනි සතියේ ඉඳන් පන්ති ගාස්තු ගෙවලා පන්තියට එන්න පුළුවන්. පන්තියට සම්බන්ධ වෙන ආකාරය ගැන වැඩිදුර විස්තර දැනුවත් කිරීමේ video එකකුත් ඉදිරියේදී ලබාදෙන්නම්.

බයවෙන්න එපා කිසිම ළමයෙක්, අනිවාර්යයෙන්ම මාස 3න් මේක කරන්න පුළුවන්. හැම අවුරුද්දකම එහෙම කීපදෙනෙක් ඒ දේ කරනවා. එක කෙනෙක්ට පුළුවන් නම් තව කෙනෙකුත බැරි වෙන්නේ නෑ. අපි කරලාම පෙන්නමු.

https://t.me/echem22RR
71 views17:24
Ochish/sharhlash
2022-08-30 20:20:38
2022 Rapid Revision පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් ඊට අදාල telegram channel එකට සම්බන්ධ වන්න. (General Revision පන්තියේ සිසුන් සම්බන්ධ වීම අවශ්‍ය නැත.)

https://t.me/echem22RR
191 views17:20
Ochish/sharhlash
2022-08-29 05:32:26 මේ වෙනකොට කලින් වතාවේ රසායනය විද්‍යාවට F හෝ S සාමාර්ථ තියෙන මේ වතාවේ A සාමාර්ථ ගත්ත ළමයි 22ක් අපිට ප්‍රතිඵල කියලා තියෙනවා. තවත් F,S,C A,B ප්‍රතිඵල සෑහෙන ප්‍රමාණයක් දැනට අපිව දැනුවත් කරලා තියෙනවා. ගණිත අංශයේ දිස්ත්‍රික් 2 වගේ ලොකුම මට්ටමේ ප්‍රතිඵල තිබුණත් ඊටත් වඩා මේ වගේ පොඩිම මට්ටමේ ඉඳන් නැගිටපු ළමයින්ගේ results දකිනකොට සතුට වැඩියි.

මේ වගේ ඉහළ ප්‍රතිඵල ගත්ත ළමයි සහ විශේෂයෙන්ම ප්‍රතිඵල වල ලොකු වෙනස්කම් කරපු ළමයින්ව විශේෂයෙන් ඇගයීමේ ත්‍යාග ප්‍රධානය කිරීමක් අපි ඉදිරියේදී කරනවා. ඒ අගය කිරීම ඒ අයට හිමිවිය යුතු යි.

අපේ පන්ති ආව, තවම results කියපු නැති ළමයි ඉන්නවා නම් පහළ තියෙන google form එක හරහා අපිට කියන්න. අපේ පන්ති ආව යාළුවන්ටත් මේ form එක යවන්න.

https://forms.gle/wLLHq1AkdAb8WJ1m6

කැමති ළමයින්ට පහළ number එකට call කරලා result එක කියන්න පුළුවන්. වෙලාව තියෙන හැම වෙලාවකම මම answer කරනවා. නැති වුණොත් අපේ වැඩ කරන කෙනෙක් කතාකරයි.

071 063 38 32

Chemistry | අමිල දසනායක
371 views02:32
Ochish/sharhlash
2022-08-28 20:08:25 ළමයි, පහළින් තියෙන්නේ මගේ telegram link එක. Results අවුල් වුණ ළමයි මේ වෙලාවේ හිතේ තියෙන ඕනම දෙයක් ඒකට message එකක් විදිහට එවන්න. අනිවාර්යයෙන්ම සේරම කියවනවා. හැම එකටම උත්තරයක් දෙන්න බැරි වෙයි. ඒත් ඉස්සරහට පන්ති වලදී සහ meetings වලදී ඒ දේවල් ගැන උපදෙස් දෙන්නම්.

@Amila_Dasanayake
662 views17:08
Ochish/sharhlash
2022-08-28 18:52:34 2021A/L ප්‍රතිඵල අවුල් වුණ ළමයි වෙනුවෙන් Special Meeting එකක්. 9.30 වෙනකොට හැමෝම පහළ එකෙන් එකට වෙමු.

Topic: 2022A/L Special Meeting | 2021 ප්‍රතිඵල අවුල් ගිය ළමයින්ට...
Time: Aug 28, 2022 09:30 PM Colombo

Join Zoom Meeting
https://us02web.zoom.us/j/81386788515?pwd=WWZrRnd3aXQ1WXI4V2Y0d0tKZWNrdz09

Meeting ID: 813 8678 8515
Passcode: 193859
396 views15:52
Ochish/sharhlash
2022-08-28 15:28:18 2021 පන්තියේ ළමයි...
ප්‍රතිඵල කොහොමද කියමු පහළ link එකෙන් telegram වලින්. 2022 revision එකේ ළමයින්ගේ ඉදිරි දවස් වල plan එක හදන ගමන් නිසා අද calls answer කරන්න විදිහක් නෑ. හෙට ඉඳන් call කරන්න number එකක් දෙන්නම්.

@Amila_Dasanayake
789 views12:28
Ochish/sharhlash
2022-08-28 15:14:57 හැමෝම දන්න විදිහට 2021 උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා තියෙනවා. හොඳ ප්‍රතිඵල සමරන්න කලින් මේ වතාවේ තමන්ට ඕන වුණ මට්ටමේ ප්‍රතිඵලයකට යන්න බැරි වුණ ළමයි එක්ක සහ දෙමව්පියන් එක්ක කතා කරලා ඉස්සරහ සැලසුම් කරන්න ඕන.

ඒ වෙනුවෙන් අද හවස 8.30ට, හැමෝම zoom meeting එකට join වෙමු. Link එක ඒ වෙලාවට channel එකට දානවා.

වැටෙන්න එපා ළමයි, අපි ඉන්නවා...
437 views12:14
Ochish/sharhlash
2022-07-30 18:05:08
අවවාදයයි! ඇබ්බැහිකරවන සුළුයි!

දින 4හි සැලැස්ම

Day 1 - Mg, NaOH හා සබන් නිෂ්පාදනය
Day 2 - සෝල්වේ ක්‍රමය, ඇමෝනියා හා නයිට්‍රික් අම්ල නිෂ්පාදනය
Day 3 - සල්ෆියුරික් අම්ල, TiO2 හා යකඩ නිෂ්පාදනය
Day 4 - ශාක ආශ්‍රිත නිෂ්පාදන

Telegram: https://t.me/echem2022GR
1.2K views15:05
Ochish/sharhlash
2022-07-29 19:23:30
දවස් දෙකකට කලින් හදපු fake accounts දෙකක් පාවිච්චි කරලා කරගෙන යන්න උත්සහ කරපු මඩ ව්‍යාපාරයක් ළමයි. මම දකිනකොටත් පන්තියේ ළමයි උත්තර දීලා තිබුණා කට උත්තර නැති වෙන්නම.

කොහොමත් මේ දවස් වල එක එක විදිහට අපිව වට්ටන්න යම් යම් ගුරුවරු යැයි හඳුන්වාගන්නා පිරිස් නොයේකුත් උත්සහයන් ගන්නවා. Website එකේ ඇතිවුණ ප්‍රශ්න වල ඉඳන්ම ළමයිනුත් අඩු වැඩි ඇතිව මේ ගැන දැනුවත් ඇති.

එක අතකට ඒ මිනිස්සුන්ට වැරැද්දක් කියන්නත් බෑ ළමයි. මේ කොහෙවත් නැතුව ඉඳලා අවුරුදු 4ක් යන්නත් කලින් ලංකාවේ ප්‍රධනම tution නගර දෙකක leading ගුරුවරයා වෙලා, ඒ මදිවට ලංකාවේ ලොකුම online chemistry revision එකත් හැදුවට පස්සේ ඒ අහින්සකයන්ගේ හිත් රිදෙන එක සාධාරණයිනේ ළමයි. ඒ මදිවට ඇත්තටම attack කරන්න අඩුපාඩුවක් හොයාගන්නත් බැරි වුණාම තවත් අවුල්. ඉතිං පුළුවන් හැටියට fake account එකක් හදාගෙන facebook post එකකට comment එකක් දාලා අලුතින් පන්තියට ළමයෙක් එන එකවත් නවත්තන්න දරපු උත්සහයක් නේ මේ. අන්තිමට වෙච්ච දේ බලන්න, පන්තියේ ළමයි එතන ගිහින් ඒකට විරුද්ධව කතා කරලා, පන්තියේ හොඳ දේවල් කියලා නොලැබෙන්න තිබුණ ප්‍රචාරණයක් හදලා දුන්නා. තව හිතේ අමාරුවෙන් ඇති දැන්.

ඉගෙනගන්න දේවල් ගොඩයි ළමයි මේ සිදුවීම ඇතුලේ, අපි කොච්චර සාධාරණ විදිහකට, කොච්චර මහන්සි වෙලා උඩට යන්න හැදුවත් ඒක බලන් ඉන්න බැරි මිනිස්සු ඉන්නවා. මාසෙකට දෙන free සහ half card වල එකතුව එක මාසෙකට ලක්ෂ 8කට වැඩී අපේ පන්තියේ. ඒ මොනවා වුණත් කකුලෙන් අදින්න මිනිස්සු ඉන්නවා. ඒක ලෝක ස්භාවයක්. ඒවට කලබල වෙන එකේ කිසිම තේරුමක් නෑ. කතාවකුත් තියෙනවා නේ පිස්සෝ කලබල වුණාට ඩොක්ටර් කලබල වෙන්නේ නෑ කියලා.

හැබැයි එක දෙයක්, මේ චෝදනා මම බය නැතුව මගේම channel එකේම දාන්නේ මේ කතාව කොයි තරම් නම් බොරුද කියලා ළමයි දන්න බව මම දන්න නිසා. බයට හන්ගන්න දෙයක් නැති නිසා. කොහොමවුණත් මේ වගේ දේවල් වලදී මම වෙනුවෙන්, අපේ පන්තිය වෙනුවෙන් පෙනීහිටින්න ඉන්නේ ඔයාලා. අද ඒ දේ කරා වගේම දිගටම අපි වෙනුවෙන් පන්තියේ ළමයි පෙනීහිටී කියලා මම විශ්වාස කරනවා සහ අද මේ සිදුවීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.
985 views16:23
Ochish/sharhlash
2022-07-25 05:02:07 උදේ live එකට 1000ක් සහ හවස live එකට 1000ක් වශයෙන් ළමයි 2000කට විතරයි දැනට live බලන්න පහසුකම හදලා තියෙන්නේ. ඒ දෙකටම අමතරව recording එක බලන්න පුළුවන් ඕනම ළමයි ප්‍රමාණයකට.

හිතුවට වඩා live බලන ළමයි ප්‍රමාණය වැඩි නිසා අවශ්‍ය වුණොත් හෙට ඉඳන් youtube live එකක් විදිහටත් පන්තිය දෙන්නම්. අදට විතරක් මේ විදිහට live එක 2000කට සීමා කරන්න වෙනවා.
831 views02:02
Ochish/sharhlash