Get Mystery Box with random crypto!

Rapid Revision Registration form එක දාලා පැය 12ක් වගේ යනකොට 20 | 2021 eChem.lk | General Revision

Rapid Revision Registration form එක දාලා පැය 12ක් වගේ යනකොට 2000කට වැඩි ප්‍රමාණයක් register වෙලා තිබුණා ළමයි. එහෙම ඉල්ලීමක් යටතේ 500ක් විතරක් බඳවා ගන්න එක ප්‍රායෝගික නෑ. ඒ නිසා පළවෙනි සති දෙකේ පන්තියට සම්බන්ධ වෙන හැම ළමයෙක්වම පන්තියට බඳවාගන්න අපි තීරණය කළා. එතනින් එහා අලුතින් ළමයි බඳවාගැනීමක් කරන්නේ නෑ. ඒ ප්‍රමාණයට ගැලපෙන්න ළමයින්ගේ වැඩ අධීක්ෂණය කරන්න අලුතින් echem team එකටත් instructorsලා බඳවාගන්නවා.

තවම Rapid Revision එකේ පන්ති ගාස්තු ගෙවීම් කරන්න එපා කිසිම ළමයෙක්. පළවෙනි සතිය සම්පූර්ණයෙන්ම ඕනම ළමයෙකුට නොමිලේ සහභාගී වෙලා බලන්න පුළුවන්. ඒ අනුව පන්තිය ක්‍රියාත්මක වෙන විදිහ සම්බන්ධව තියෙන සියළු ගැටලු නිරාකරණය කරගෙන දෙවනි සතියේ ඉඳන් පන්ති ගාස්තු ගෙවලා පන්තියට එන්න පුළුවන්. පන්තියට සම්බන්ධ වෙන ආකාරය ගැන වැඩිදුර විස්තර දැනුවත් කිරීමේ video එකකුත් ඉදිරියේදී ලබාදෙන්නම්.

බයවෙන්න එපා කිසිම ළමයෙක්, අනිවාර්යයෙන්ම මාස 3න් මේක කරන්න පුළුවන්. හැම අවුරුද්දකම එහෙම කීපදෙනෙක් ඒ දේ කරනවා. එක කෙනෙක්ට පුළුවන් නම් තව කෙනෙකුත බැරි වෙන්නේ නෑ. අපි කරලාම පෙන්නමු.

https://t.me/echem22RR