Get Mystery Box with random crypto!

දවස් දෙකකට කලින් හදපු fake accounts දෙකක් පාවිච්චි කරලා කරගෙන | 2021 eChem.lk | General Revision

දවස් දෙකකට කලින් හදපු fake accounts දෙකක් පාවිච්චි කරලා කරගෙන යන්න උත්සහ කරපු මඩ ව්‍යාපාරයක් ළමයි. මම දකිනකොටත් පන්තියේ ළමයි උත්තර දීලා තිබුණා කට උත්තර නැති වෙන්නම.

කොහොමත් මේ දවස් වල එක එක විදිහට අපිව වට්ටන්න යම් යම් ගුරුවරු යැයි හඳුන්වාගන්නා පිරිස් නොයේකුත් උත්සහයන් ගන්නවා. Website එකේ ඇතිවුණ ප්‍රශ්න වල ඉඳන්ම ළමයිනුත් අඩු වැඩි ඇතිව මේ ගැන දැනුවත් ඇති.

එක අතකට ඒ මිනිස්සුන්ට වැරැද්දක් කියන්නත් බෑ ළමයි. මේ කොහෙවත් නැතුව ඉඳලා අවුරුදු 4ක් යන්නත් කලින් ලංකාවේ ප්‍රධනම tution නගර දෙකක leading ගුරුවරයා වෙලා, ඒ මදිවට ලංකාවේ ලොකුම online chemistry revision එකත් හැදුවට පස්සේ ඒ අහින්සකයන්ගේ හිත් රිදෙන එක සාධාරණයිනේ ළමයි. ඒ මදිවට ඇත්තටම attack කරන්න අඩුපාඩුවක් හොයාගන්නත් බැරි වුණාම තවත් අවුල්. ඉතිං පුළුවන් හැටියට fake account එකක් හදාගෙන facebook post එකකට comment එකක් දාලා අලුතින් පන්තියට ළමයෙක් එන එකවත් නවත්තන්න දරපු උත්සහයක් නේ මේ. අන්තිමට වෙච්ච දේ බලන්න, පන්තියේ ළමයි එතන ගිහින් ඒකට විරුද්ධව කතා කරලා, පන්තියේ හොඳ දේවල් කියලා නොලැබෙන්න තිබුණ ප්‍රචාරණයක් හදලා දුන්නා. තව හිතේ අමාරුවෙන් ඇති දැන්.

ඉගෙනගන්න දේවල් ගොඩයි ළමයි මේ සිදුවීම ඇතුලේ, අපි කොච්චර සාධාරණ විදිහකට, කොච්චර මහන්සි වෙලා උඩට යන්න හැදුවත් ඒක බලන් ඉන්න බැරි මිනිස්සු ඉන්නවා. මාසෙකට දෙන free සහ half card වල එකතුව එක මාසෙකට ලක්ෂ 8කට වැඩී අපේ පන්තියේ. ඒ මොනවා වුණත් කකුලෙන් අදින්න මිනිස්සු ඉන්නවා. ඒක ලෝක ස්භාවයක්. ඒවට කලබල වෙන එකේ කිසිම තේරුමක් නෑ. කතාවකුත් තියෙනවා නේ පිස්සෝ කලබල වුණාට ඩොක්ටර් කලබල වෙන්නේ නෑ කියලා.

හැබැයි එක දෙයක්, මේ චෝදනා මම බය නැතුව මගේම channel එකේම දාන්නේ මේ කතාව කොයි තරම් නම් බොරුද කියලා ළමයි දන්න බව මම දන්න නිසා. බයට හන්ගන්න දෙයක් නැති නිසා. කොහොමවුණත් මේ වගේ දේවල් වලදී මම වෙනුවෙන්, අපේ පන්තිය වෙනුවෙන් පෙනීහිටින්න ඉන්නේ ඔයාලා. අද ඒ දේ කරා වගේම දිගටම අපි වෙනුවෙන් පන්තියේ ළමයි පෙනීහිටී කියලා මම විශ්වාස කරනවා සහ අද මේ සිදුවීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා.