Get Mystery Box with random crypto!

ඉස්සරහට පිටරටකට යන්නවත් බැරිවෙයිද කියලා ළමයි බය වෙලා ඉන්නවා කි | 2021 eChem.lk | General Revision

ඉස්සරහට පිටරටකට යන්නවත් බැරිවෙයිද කියලා ළමයි බය වෙලා ඉන්නවා කියලා තේරුණා group එකේ ගියපු කතාවක් දැක්කම.

අංක 1, medicine හෝ engineering degree එකක් තියාගෙන නම් එහෙම බැරිවෙන්නේ නෑ. හැබැයි වඩා වැදගත් කාරණාව ඒක නෙවෙයි,

ළමයි ඔයාලා අපි කාටවත් පිටරට යන්න ඕන වෙන්නේ නෑ. මේ රට අපිට හදන්න පුළුවන්. ඔක්කොම දූවිලි වෙලා යන්න සමතලා වුණ ජපානෙට පුළුවන් වුණා නම් අපිට බැරි වෙන්න හේතුවක් නෑනේ. එච්චරට කෙලවෙලා නෑ අපිට. මේ කියන්නේ ඔයාලව motivate කරන්න නෙවෙයි. ඇත්තටම මේක හදන්න පුළුවන් කියලා විශ්වාස කරන නිසා. මේක වෙනස් වෙනවා. හැබැයි කවුරුත් කරන්නේ නෑ, අපිම කරන්න ඕන. ඔයාලට ඇත්තටම මේ වෙලාවේ ඒ ගැන කරන්න පුළුවන් දෙයක් නෑ. මේ පාරින් හරියට exam එක ගොඩදාගෙන එන්න. ඊට පස්සේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපි හැමදාම හිතන්නේ අපිට ඉතිං ඔව්වා වෙනස් කරන්න බෑනේ කියලා. අපි පොඩි මිනිස්සු කියලා. එහෙම එකක් නෑ. කරන්න ඕන දේවල් ටික තේරුම් අරන් කරොත් අපිටම තමයි මේක වෙනස් කරන්න පුළුවන්. දැනටම අපිත් පුළුවන් පොඩි පොඩි වැඩ පටන් අරගෙන තියෙනවා. ඒවා තව යනකොට ලොකු වැඩ වෙයි. තව අවුරුද්දකින් ඔයාලටත් පුළුවන් ඒවට හවුල් වෙන්න. කොහොමත් මේක අවුරුද්දෙන් දෙකෙන් හැදෙන් නෑ. තව කල් යනවා. හැබැයි අනිවාර්යයෙන්ම හැදෙනවා. හැදෙනවා නෙවෙයි හදනවා.

~ අමිල දසනායක | echem.lk